මාරක අනතුරු කිහිපයක්

අනුරාධපුර පාදෙණිය මාර්ගයේ අඹන්පොල බස් නැවතුම්පොළ අසදී ඊයේ (04) සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

පාදෙණිය දෙස සිට අනුරාධපුරට දෙසට ධාවනය වූ යතුරුපැදියක් අතුරු මාර්ගයක සිට ප්‍රධාන මාර්ගයට ධාවනය වූ තවත් යතුරු පැදියක ගැටී පැදිකරු ඉදිරියට විසිවී ගොස් විරුද්ධ දෙසින් පැමිණි මෝටර් රථයකට යට වී මෙම අනතුර සිදු වී ඇති බව පොලීසිය පවසයි.

අනතුර සිදුවූ අවස්ථාවේ මෙම පුද්ගලයාගේ බිරිඳ සහ දියණිය ද යතුරුපැදියේ ගමන් කර ඇති අතර ඔවුන් තුවාල ලබා අඹන්පොල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට ඇතුළත් කර තිබේ.

යතුරුපැදිකරු අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 35 හැවිරිදි මහව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අනෙක් යතුරුපැදියේ පැදිකරු ද තුවාල ලබා අඹන්පොල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව පොලීසිය පවසයි.

මෝටර් රථයේ රියදුරු අඹන්පොල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.  

මේ අතර පුත්තලම හලාවත මාර්ගයේ බංගදෙණිය ඉන්ධනහල අසදී සිදු වූ අනතුරකින් පදිකවේදිකාවේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු මියගොස් තිබේ.

හලාවත දෙස සිට පුත්තලම දෙසට ධාවනය වූ බස් රථයක් මාර්ගය වම්පස මංතිරුවේ සිටි පදික පුද්ගලයෙකුගේ ගැටී මෙම අනතුර සිදුව ඇත.

මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය වී නොමැති අතර හලාවත පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *