ඩේවිඩ් වෝනර් එක්දින පිටියෙන් සමුගැනීමට තීරණය කරයි

ඩේවිඩ් වෝනර් එක්දින පිටියෙන් සමුගැනීමට තීරණය කරයි

ඔස්ට්‍රේලියානු පිතිකරුවෙකු වන ඩේවිඩ් වෝනර් පාකිස්ථානය සමඟ පැවත්වෙන ටෙස්ට් තරගාවලියේ අවසන් ටෙස්ට් තරගයට පෙර ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කරතිබෙනවා. පාකිස්ථානය සහ ඔස්ට්‍රේලියාව අතර තුන්වන ටෙස්ට් තරගය අනිද්දා(03) සිඩ්නිහි දී ආරම්භ වීමට නියමිත අතර, එම තරගයෙන් පසු 37 හැවිරිදි ඩේවිඩ් ටෙස්ට් පිටියට සමුදීමටයි මීටපෙර ප්‍රකාශ කර තිබුණා. ටෙස්ට් තරග 111කදි ශතක 26ක් සහ අර්ධ…

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවන් සදහා අයදුම්පත් කැඳවයි

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවන් සදහා අයදුම්පත් කැඳවයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වනවිට පුහුණුකාර තනතුරු කිහිපයක් සඳහා අයදුම්පත් කැඳවා තිබේ. ජාතික කණ්ඩායමේ පිතිකරණ, වේගපන්දු යැවීම, දඟපන්දු යැවීම සහ පන්දු රැකීම යන අංශ සඳහා එලෙස පුහුණුකාර තනතුරු වෙනුවෙන් අයදුම්පත් කැඳවා ඇත. ඒ අනුව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජීවන් මෙන්ඩිස් ශ්‍රී ලංකා පිලේ දඟපන්දු යැවීම් පුහුණුකරු තනතුර සඳහා අයදුම්කර ඇති බව වාර්තා වෙයි….

සිම්බාබ්වේ කණ්ඩායම දිවයිනට

සිම්බාබ්වේ කණ්ඩායම දිවයිනට

ශ්‍රී ලංකා තරග සංචාරයට එක්වන සිම්බාබ්වේ කණ්ඩායම දිවයිනට පැමිණ තිබෙනවා. සිම්බාබ්වේ කණ්ඩායම සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරග 3 කට සහ විස්සයි විස්ස තරග 3 කට සහභාගී වීමට නියමිතයි. එක්දින තරගාවලිය ආරම්භ කරමින් ලබන 6 වනදා කණ්ඩායම් දෙක තරගවැදීමට නියමිතව තිබෙනවා සියලුම තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර තරගාවලිය ආරම්භ කරමින් පළමු එක්දින තරගය…

ශ්‍රී ලංකා එක්දින සංචිත කණ්ඩායම නම් කෙරේ

ශ්‍රී ලංකා එක්දින සංචිත කණ්ඩායම නම් කෙරේ

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග තුනකින් යුත් එක්දින ක‍්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. මේ වන විට කොළඹ දී පැවැත්වෙන මාධ්‍ය හමුවකදී තේරීම් කමිටු සභාපති උපුල් තරංග විසින් එම සංචිතය නිල වශයෙන් නිවේදනය කළා. කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් හා චරිත් අසලංකගේ උප නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත් අතර ඇති…

ජමාල් ගෙන් ඔස්ට්‍රේලියානුවන්ට සුපිරි ඉනිමක්

ජමාල් ගෙන් ඔස්ට්‍රේලියානුවන්ට සුපිරි ඉනිමක්

මේ වනවිට සිඩ්නි හිදී පැවැත්වෙන ඔස්ට්‍රේලියාව සහ පාකිස්තානය අතර තෙවැනි ටෙස්ට් තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායමසිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 313ක් රැස් කරන ලදී මෙම තරගයේ සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ආමර් ජමාල්ගේ සුපිරි ඉනිමට ලකුණු 82ක් රැස් කළේය. 4 පහර 9ක් සහ 6 පහර 4ක් ඇතුළත් විය. සංචාරක පාකිස්තාන…

ක්‍රිකට් තේරීම් කමිටුව ක්‍රීඩා ඇමති හමුවට 

ක්‍රිකට් තේරීම් කමිටුව ක්‍රීඩා ඇමති හමුවට 

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව අද (18) ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සමග සාකච්ඡාවක් පැවැත්වීය. එහිදී අමාත්‍යවරයා පවසා ඇත්තේ, නව තේරීම් කමිටුවේ නවීන සහ උපායශීලී සැලසුම් මත මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නැවත පෙරළිකාර විජයග්‍රාහී තැනකට ඔසවා තැබීමේ හැකියාව ඔවුන් සතුව ඇති බවට සැකයක් නැති බවයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කාර්යසාධන මධ්‍යස්ථානයේ ප්‍රධානී සනත් ජයසූරිය මෙන්ම නව…

19 පහළ ක්‍රිකට් පිල ආසියානු කුසලානයට ඩුබායි බලා පිටත්ව යයි

19 පහළ ක්‍රිකට් පිල ආසියානු කුසලානයට ඩුබායි බලා පිටත්ව යයි

ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම ඩුබායි හි පැවැත්වෙන ආසියානු ක්‍රිකට් ශූරතා තරගාවලිය සඳහා දිවයිනෙන් පිටව ගොස් තිබේ. ක්‍රීඩකයින් සහ නිලධාරීන් 27 දෙනෙකුගෙන් යුතු මෙම පිරිස අද (06) අලුයම දිවයිනෙන් පිටත්ව ගිය බව “අදදෙරණ” වාර්තාකරු පැවසීය. 19 පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරනු ලබන්නේ කොළඹ රාජකීය විද්‍යාලයේ සිනෙත් ජයවර්ධන විසිනි.  ශ්‍රී…

මෝර්නේ මෝකල් ඉල්ලා අස්වෙයි

මෝර්නේ මෝකල් ඉල්ලා අස්වෙයි

පාකිස්තාන කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස සේවය කළ හිටපු දකුණු අප්‍රිකානු ක්‍රීඩක මෝර්නේ මෝකල් එම තනතුරින් ඉල්ලා අස්වී තිබේ. පාකිස්තාන කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ අවසන් කණ්ඩායම් 4ට සුදුසුකම් ලැබීමට අපොහොසත් වූ අතර ඒ හේතුවෙන් ඔහු එම තීරණය ගන්නට ඇතැයි අනුමාන කෙරේ. ඔහුගේ කොන්ත්‍රාත්තුව නිමවීමට නියමිතව තිබුණේ තවත් මාසයකිනි.

ඩිල්ශාන් මධුශංක ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ලැබුණු සුවිශේෂී තැන

ඩිල්ශාන් මධුශංක ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ලැබුණු සුවිශේෂී තැන

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වමතින් වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ශාන් මධුශංක ව 2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ කණ්ඩායමට නම්කර තිබේ. ඔහු සිය පළමු ලෝක කුසලාන තරගාවලියේදීම තරග 9කදී කඩුලු 21ක් දවා ගැනීමට සමත් විය.  එම කණ්ඩායමේ සංයුතිය සඳහා ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, දකුණු අප්‍රිකාව, නවසීලන්තය සහ ශ්‍රී ලංකා කණ්ඩායම් වල ක්‍රීඩකයින් ඇතුළත්ය. මෙම කණ්ඩායමට ඉන්දීය ක්‍රීඩකයින් 6…

ඉන්දීය කණ්ඩායම් නායකත්වයේ වෙනසක්

ඉන්දීය කණ්ඩායම් නායකත්වයේ වෙනසක්

ඉන්දීය විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වයේ වෙනසක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන විස්ස විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා මෙම වෙනස සිදුකර ඇති බවය. ඒ අනුව එම තරගාවලියේ ඉන්දීය කණ්ඩායමේ නායකත්වය සූර්ය කුමාර් යාදව්ට ලබාදී තිබේ. හර්දික් පාණ්ඩ්‍යා ආබාධයකට ලක්වීම හේතුවෙන් සූර්ය කුමාර් යාදව්ට මෙම වගකීම පවරා ඇත….