ගුවන් සේවා කටයුතු කඩාකප්පල් කළ 28 කට වැඩ වරදී

ගුවන් සේවා කටයුතු කඩාකප්පල් කිරීමට සම්බන්ධයෙන් කටුනායක ගුවන් තොටුපොළ ඒකාබද්ධ වෘත්තීය සමිතියේ සභාපති ඇතුළු එහි නිලතල දැරූ නායකයන් 28 දෙනකු
අනිවාර්ය නිවාඩු යවා ඇති බව සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති ඉංජිනේරු අතුල ගල්කැටිය මහතා පැවසීය.

මෙසේ නිවාඩු යැවීමට හේතු වශයෙන් සභාපති ඉංජිනේරු අතුල මහතා පවසා සිටියේ ගුවන් ගමන් සේවාවන් අවහිර කර කඩාකප්පල් කිරීමේ අරමුණින් ගුවන් යානා සමාගම් වෙත
ලිපි යැවීම සහ ජනමාධ්‍ය මගින් ඒවා ප්‍රසිද්ධ කළැයි කියන සිද්ධියක් මත එම ක්‍රියා මාර්ග ගත් බවයි.

එසේ ඔවුන් කල ක්‍රියාවට නීත්‍යානුකූල සහ සදාචාරාත්මක අයිතියක් නොමැති බැවින් මේ පිිළිබද විධිමත් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා වහාම
කටයුතු යොදා ඇති බව සභාපතිවරයා කීය.

එමෙන්ම මෙම පරීක්ෂණ අවසන් වන තෙක් සීමා සහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ කිසිදු පරිශ්‍රයක් වෙත ඇතුළුවීම ද මොවුන්ට තහනම් කර ඇතැයි පැවසේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *