යුක්තයෙන් 897ක් අත්අඩංගුවට

රටපුරා ක්‍රියාත්මකවන යුක්තිය මෙහෙයුම යටතේ ගෙවුණු පැය 24තුළදී සැකකරුවන් 897 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් සැකකරුවන් 23ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන බවයි වාර්තා වෙන්නේ.

එමෙන්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් 19 දෙනෙකු පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බවද සඳහන්.

එසේම, පොලිස්මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 31 දෙනෙකු මෙදින මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇති
බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

මෙහෙයුම අතරතුර අත්අඩංගුවට පත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් පහත පරිදි වේ.

හෙරොයින් 295g 500mg
අයිස් 685 g 930mg
ගංජා 72 kg 970g
අබිං 6g 400mg
ගංජා පැල 2113 ක්
ගංජා සුරුට්ටු 05 ක්
මාවා 361g 400 mg
තුල් 21g 500mg
මත්පෙති 665 ක්
ඈෂ් 8g
මදනමෝදක 61g

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *