ජමාල් ගෙන් ඔස්ට්‍රේලියානුවන්ට සුපිරි ඉනිමක්

මේ වනවිට සිඩ්නි හිදී පැවැත්වෙන ඔස්ට්‍රේලියාව සහ පාකිස්තානය අතර තෙවැනි ටෙස්ට් තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම
සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 313ක් රැස් කරන ලදී

මෙම තරගයේ සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ආමර් ජමාල්ගේ සුපිරි ඉනිමට ලකුණු 82ක් රැස් කළේය. 4 පහර 9ක් සහ 6 පහර 4ක් ඇතුළත් විය.

සංචාරක පාකිස්තාන කණ්ඩායමේ ඉනිම සවිමත් කරමින් ජමාල් සහ මීර් හම්සා අවසාන කඩුල්ල වෙනුවෙන් ලකුණු 90ක් එක් කළහ.

සිය පළමු ටෙස්ට් තරගාවලියේදී එක් ඉනිමකදී කඩුලු 5ක් සහ අර්ධ ශතකයක් රැස්කළ පළමු පාකිස්තාන ක්‍රීඩකයා ලෙස ජමාල් වාර්තා පොතට එක්විය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *