|

තවත් කොරෝනා මරණයක්

වවුනියාව මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා වෛරසය ආසාධිත 55 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ පදවිය ප්‍රදේශයේ පදිංචි අයෙකු වන අතර දින ගණනාවක් උණ රෝගය පැවතීම හේතුවෙන් රෝහල් ගත කොට රෝගියාට කොරෝනා රෝගය වැළදී ඇති බවට තහවුරු වීමෙන් පසුව ඔහුට කොරෝනා විශේෂිත වාට්ටුවට ඇතුළත් කර එහි ප්‍රතිකාර ලබමින් සිටින අතරවාරයේ මෙසේ මියගොස් ඇත.

මෙම පුද්ගලයා වකුගඩු රෝගයෙන් පෙලෙන බැවින් වවුනියාව මහ රෝහලේ වකුගඩු සම්බන්ධ වෛද්‍ය සායනයට පමිණෙන බවත් වවුනියාව මහ රෝහලේ වෛද්‍යවරු ප්‍රකාශකර සිටියා.

පරීක්ෂණ කටයුතු වලින් පසුව ඔහුගේ මෘත දේහය නිරෝධායන නීතිරීති වලට අනුව අවන් කටයුතු සිදුකරන බව වවුනියාව මහ රෝහලේ පාලන අධිකාරිය පැවසුහ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *