IPL වෙන්දේසියේ දී මැතිව්ස්ට ඉහළම ලංසුවක්

ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසියේ දී ඉහළම මූලික ලංසුවක් යටතේ කාණ්ඩගත කළ ක්‍රීඩකයන් අතරට ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් නම්කර තිබේ.

ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසිය දෙසැම්බර් 19 වැනිදා ඩුබායිහී දි පැවැත්වීමට නියමිතයි.

මෙවර ක්‍රීඩක වෙන්දේසියට ක්‍රීඩකයන් 1,166ක් ලියාපදිංචි වී සිටින අතර, වෙන්දේසියේ දී උපරිම වශයෙන් ක්‍රීඩකයන් 77 දෙනෙකු කණ්ඩායම්වලින් මිල දී ගැනීමට නියමිත ව ඇත.

එහි දී ඉහළම මූලික ලංසුවක් හිමි කාණ්ඩය වන ඉන්දීය රුපියල් කෝටි දෙකේ කාණ්ඩයට ශ්‍රී ලංකා තුන්ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ඇතුළත් සිටින බව වාර්තා වේ.

ඊට අමතර ව එම කාණ්ඩයට එක්දින ලෝක කුසලානය දිනූ ඔස්ට්‍රේලියා සංචිතයේ පැට් කමින්ස් ,ට්‍රේවිස් හෙඩ්, මිචෙල් ස්ටාර්ක්, ජොෂ් හැසැල්වුඩ්, ස්ට්ව් ස්මිත්, ජොෂ් ඉංග්ලිස් සහ සීන් ඇබොට් යන ක්‍රීඩකයන් ද ඇතුළත් කර ඇත.

වනිඳු හසරංග ව කාණ්ඩගත කර ඇත්තේ, ඉන්දියානු රුපියල් කෝටි එකහමාරක මූලික ලංසුවක් ඇති ලැයිස්තුවටයි.

BANGALORE, INDIA – OCTOBER 26: Angelo Mathews of Sri Lanka bowlsduring the ICC Men’s Cricket World Cup India 2023 between England and Sri Lanka at M. Chinnaswamy Stadium on October 26, 2023 in Bangalore, India. (Photo by Gareth Copley/Getty Images)

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *