සැතපුම් 4 ක් රිවස් කරපු දුම්රිය

කොළඹ කොටුව සිට මීරිගම බලා ධාවනය වූ මන්දගාමී දුම්රියක් පසුගිය දිනක හුණුපිටිය ප්‍රදේශයේ දුම්රිය මාර්ගයේ ඇතිවූ කිසියම් දෝෂයක් හේතුවෙන් එම ස්ථානයේ සිට කැලණිය දුම්රිය ස්ථානය දක්වා
සැතපුම් හතරක් පමණ පිටුපසට ධාවනය කිරීමට වූ බව දුම්රිය ගමනා ගමන අධිකාරීවරයා පැවසීය.

පෙරේදා දින පෞද්ගලික පිටි සමාගමකට භාණ්ඩ ප්‍රවාහනය කළ දුම්රිය එන්ජිමක් සිය භාණ්ඩ සීදුව ප්‍රදේශයට රැගෙන ගොස්
ආපසු මරදාන දෙසට පැමිණෙමින් සිටින අවස්ථාවක ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් තවත් දුම්රියක් පැමිණ ඇත.

මෙම දුම්රිය දෙක එකම දුම්රිය මාර්ගයක ප්‍රතිවිරුද්ධ ලෙස ධාවනය වී ඇති බව දුම්රිය සංඥා මගින් පෙනී යාමත් සමග දුම්රිය දෙක එකිනෙක ගැටීමේ අවදානමකට ලක්ව තිබු බව ඔවුන් පැවසීය

එසේ මීරිගම දක්වා රාත්‍රි 8.40ට ධාවනය වූ දුම්රිය, හුණුපිටිය දුම්රිය ස්ථානයේ නවතා ගැනීමටත් අනුතුර වලක්වා ගැනීමට දුම්රිය හුණුපිටිය සිට මහ වාසල හා කැලණිය දුම්රිය ස්ථාන දක්වා සැතපුම් 4 ක් ආපසු ධාවනය කර කැලණිය දුම්රිය ස්ථානයේ සිට වෙනත් මංතීරුවකට මාරු කරවීමට පියවර ගෙන ඇත.

අවිධිමත් ලෙස කොලඹ දෙසට ධාවනය කර ඇති පිටි ප්‍රවාහනය කල දුම්රිය මාර්ගයේ පයිට්ටු කිහිපයකටද හානි කර ධාවනය කරවා ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් දුම්රිය ගමනා ගමන අධිකාරීවරයා විසින් සිදු කරන බව වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *