ශ්‍රී ලංකා එක්දින සංචිත කණ්ඩායම නම් කෙරේ

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග තුනකින් යුත් එක්දින ක‍්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

මේ වන විට කොළඹ දී පැවැත්වෙන මාධ්‍ය හමුවකදී තේරීම් කමිටු සභාපති උපුල් තරංග විසින් එම සංචිතය නිල වශයෙන් නිවේදනය කළා.

කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් හා චරිත් අසලංකගේ උප නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත් අතර ඇති අතර මීට පෙර නම් කෙරුණු මූලික එක්දින සංචිතයට ඇතුළත්ව සිටි චාමික කරුණාරත්න, වාමික ගුණසේකර, අසිත ප්‍රනාන්දු හා කමිදු මෙන්ඩින්ඩ්ස් අවසන් සංචිතය සදහා නම් කර නොමැති බවයි සඳහන් වන්නේ.

හිටපු නායක දසුන් ශානක එක්දින සංචිතය සදහා නම් කර ඇති අතර, අවිශ්ක ප්‍රනාන්දු, නුවනිදු ප්‍රනාන්දු, පනිත් ලියනගේ, අකිල ධනංජය, පේෆ්රි වැන්ඩර්ස් හා සහන් ආරච්චිගේ වැනි ක්‍රීඩකයින් එක්දින සංචිතයට කැඳවීමට නව තේරීම් කමිටුව පියවර ගෙන තිඛෙනවා.

වනිඳු හසරංග සුදුසු ශාරීරික යෝග්‍යතාවයකින් පසුවුවහොත් පමණක් තරගාවලිය සදහා ක්‍රීඩා කරන බවයි උපුල් තරංග වැඩිදුරටත් සඳහන් කළේ.

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ එක්දින තරගාවලිය ජනවාරි 6 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

අදාළ සංචිතයට අදාල ක්‍රීඩකයින් පහත දැක්වේ

Kusal Mendis – Captain

Charith Asalanka – Vice Captain

Pathum Nissanka

Avishka Fernando

Sadeera Samarawickrama

Sahan Arachchige

Nuwanidu Fernando

Dasun Shanaka

Janith Liyanage

Wanindu Hasaranga

Mahesh Theekshana

Dilshan Madushanka

Dushmantha Chameera

Dunith Wellalage

Pramod Madhushan

Akila Dananjaya

Jeffrey Vandersay

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *