ඩේවිඩ් වෝනර් එක්දින පිටියෙන් සමුගැනීමට තීරණය කරයි

ඔස්ට්‍රේලියානු පිතිකරුවෙකු වන ඩේවිඩ් වෝනර් පාකිස්ථානය සමඟ පැවත්වෙන ටෙස්ට් තරගාවලියේ අවසන් ටෙස්ට් තරගයට පෙර ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර
තිබෙනවා.

පාකිස්ථානය සහ ඔස්ට්‍රේලියාව අතර තුන්වන ටෙස්ට් තරගය අනිද්දා(03) සිඩ්නිහි දී ආරම්භ වීමට නියමිත අතර, එම තරගයෙන් පසු 37 හැවිරිදි ඩේවිඩ් ටෙස්ට් පිටියට සමුදීමටයි මීට
පෙර ප්‍රකාශ කර තිබුණා.

ටෙස්ට් තරග 111කදි ශතක 26ක් සහ අර්ධ ශතක 36ක් සමගින් ලකුණු 8,695ක් රැස්කරගෙන ඇති වෝනර් එක්දින තරග 161කදි ලකුණු 6,932ක් රැස්කරගෙන ඇත්තේ එක්දින ශතක 22
සහ අර්ධ ශතක 33ක් සමඟයි.

තමන් එක්දින ජාත්‍යන්තර පිටියට සමුදීමට තීරණය කළ ද, එළඹෙන චැම්පියන්ස්කුසලාන එක්දින තරගාවලියේදි තමන්ගේ සේවය අත්‍යවශ්‍ය යැයි ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලයෙන්
අරාධනයක් ලැබුනහොත් තමන් ඊට සුබවාදී ප්‍රතිචාරයක් ලබාදෙන බවද ඩේවිඩ් වෝනර් ප්‍රකාශ කර තිබුණා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *