ඩ්‍රෝන ප්‍රහාරයකින් හමාස් නියෝජ්‍ය නායකයා මියයයි

හමාස්හ් ජ්‍යෙෂ්ඨතම හමාස් සාමාජිකයා හා නියෝජ්‍ය නායකයා වන 57 හැවිරිදි සලේ අල්-අරෝරි (Saleh al-Arouri) බෝම්බ ප්‍රහාරයකින් මියගොස් තිබේ.

හමාස් කාර්යාලයකට ඊශ්‍රායල ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීමෙන් අරෝරි මියගොස් ඇති ඒ වන විට ඔහු දකුණු බීරූට්හි උපනගරය වන ඩහියේහි සිට ඇති බව ලෙබනනයේ රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය පවසයි.

මෙම ප්‍රහාරය දැඩි ලෙස හෙලා දකින බව හමාස් සංවිධානය පවසන අතර මෙය ලෙබනනයේ ආරක්ෂාවය සහ ස්වෛරීත්වයට එල්ල වූ බරපතල ප්‍රහාරයක් බවත් එමගින් ඊශ්‍රායලය විසින් ලෙබනනය
ගැටුමකට ඇද දැමීමට උත්සාහ කරන බවට ලෙබනනයේ අගමැතිවරයා චෝදනා කර ඇත.

හමාස් නියෝජ්‍ය නායක සලේ අල්-අරෝරි සමග එම කාර්යාලයේ හමාස් හමුදාපතිවරුන් දෙදෙනෙකු හා තවත් සාමාජිකයින් සහ එහි සිටි නිලධාරීන් හය දෙනෙකුද එම දකුණු බීරූට්හි ඩ්‍රෝන් ප්‍රහාරයකින්
මියගිය බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරයි

ඝාතනයට ලක් වූ 57 හැවිරිදි අරෝරි, ඊශ්‍රායලය සමඟ යුද්ධයට ගිය ජ්‍යෙෂ්ඨතම හමාස් සාමාජිකයා වේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *