සිම්බාබ්වේ කණ්ඩායම දිවයිනට

ශ්‍රී ලංකා තරග සංචාරයට එක්වන සිම්බාබ්වේ කණ්ඩායම දිවයිනට පැමිණ තිබෙනවා.

සිම්බාබ්වේ කණ්ඩායම සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරග 3 කට සහ විස්සයි විස්ස තරග 3 කට සහභාගී වීමට නියමිතයි.

එක්දින තරගාවලිය ආරම්භ කරමින් ලබන 6 වනදා කණ්ඩායම් දෙක තරගවැදීමට නියමිතව තිබෙනවා

සියලුම තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර තරගාවලිය ආරම්භ කරමින් පළමු එක්දින තරගය ජනවාරි 6 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ.

සිම්බාබ්වේ එක්දින කණ්ඩාම නායකයා ලෙස ක්‍රෙග් අර්වින් නම් කර ඇති අතර 20-20 කණ්ඩායමේ නායකයා ලෙස නම් කර ඇත්තේ සිකන්දර් රාසා යි.

අත්දැකීම් බහුල ක්‍රීඩක ශෝන් විලියම්ස්ට ශ්‍රී ලංකා තරග සංචාරයට නම් කර නොමැති අතර ඔහු ආබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකා තරග සංචාරයෙන් ඉවත්කර තිබේ.

මෙතෙක් ජාත්‍යන්තර තරග වරම් දිනා නොමැති දඟපන්දු යවන ක්‍රීඩක ටපිවා මුෆුඩ්සා එක්දින කණ්ඩායමට ඇතුළත්ය.

20-20 ජාත්‍යන්තර වරම් පමණක් දිනා සිටි වේගපන්දු යවන ක්‍රීඩක ෆරාස් අක්රම් මෙවර එක්දින කණ්ඩායමට කැඳවා තිබීම විශේෂත්වයකි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *