ආණ්ඩු පක්ෂ සියලුම මන්ත්‍රීවරුන්ට බදු ලිපිගොනු විවෘත කරයි

ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට බදු ලිපිගොනු විවෘත කිරීමේ වැඩසටහනක් මේ වනවිට ආරම්භ කර තිබේ.

ජනාධිපති කාර්යාලය විසින් එම වැඩසටහන ආරම්භ කර ඇති අතර රාජ්‍ය ආදායම් එකතු කිරීමේ අංශය මෙය ක්‍රියාවට නංවා ඇති බව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව ජනාධිපති උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතා සඳහන් කළේය.

ඒ අනුව, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සියලුදෙනා ජනාධිපති කාර්යාලයට කැඳවා බදු ලිපිගොනු සකස් කිරීම මෙහිදී සිදුවෙයි.

මේ වනවිට මන්ත්‍රීවරුන් 40 දෙනෙකු පමණ බදු ලිපිගොනු විවෘත කර ඇති බව වාර්තා වෙයි.

දෙසැම්බර් මස 01 වනදාට පෙර‍ එම බදු ලිපිගොනු පුරවා අවසන් කරන ලෙස දැනුම්දී ඇතත් පවතින විවිධ ගැටළු හේතුවෙන් එම කාලය තවදුරටත් දීර්ඝ කර තිබේ.

කෙසේවෙතත් දැනට බදු ලිපිගොනු පවත්වාගෙන යන ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ඔවුන්ට පවතින ගැටලු ඉදිරිපත් කර ඒවා නිරාකරණය කරගෙන ඇති බවද සඳහන්ය.

ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් නිසි පරිදි වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීම සහ බදු ලිපිගොනුවක් නඩත්තු කිරීම මෙම වැඩසටහනේ බලාපොරොත්තුව බවද මහාචාර්ය ආශු මාරසිංහ මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ඉදිරියේදී බදු ලිපිගොනු විවෘත කිරීමට ද නියමිතය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *