අද කොළඹට විශේෂ පොලිස් ආරක්ෂාවක්

2024 නව වසරේ උදාව සඳහා ලකවාසී සැවොම සුදානම් වන කාලයේ තම බඩු භාණ්ඩ ලබා ගැනීම සදහා කොළඹ ප්‍රදේශයට පැමිණෙව මහජනතාව වෙනුවෙන් දෙසැම්බර් 31 වනදා වන අද කොළඹ නගරයේ පොලිස්ස්ථාන 5 ක් ආවරණය වන පරිදි අද විශේෂ ආරක්ෂක සහ රථවාහන සැළැස්මක් ක්‍රියාත්මක බව පොලිස්මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්අධිකාරී නිහාල් තල්දූව ප්‍රකාශ කලහ.

ඒ සඳහා පොලිස්විශේෂ කාර්ය බලකායේ සහයද ලබාගෙන මහජනතාව හට පහසුවෙන් තම වැඩකටයුතු කරගැනීමට හැකිවන ලෙස මෙම ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක වන බවයි පොලිස්මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.

මේ අතර අද මධ්‍යම රාත්‍රියේ 2024 නව වසර උදාවත් සමග ගිනිකෙළි භාවිතයෙන් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට කටයතු කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරන අතර කුඩා ළමුන් ගිණි කෙලි ක්‍රියාකාරකම් වලින් ඉවත් කොට තබන ලෙස වැඩිදුරටත් සෞඛ්‍ය අංශ කියා සිටියි.

එමෙන්ම බීමතින් රිය පැදවීමෙන් සිදුවිය හැකි අනතුරු මෙන්ම ගෘහස්ථ අනතුරු වලක්වා ගැනීමට ද කටයුතු කිරීම වැදගත් බවයි පොලිසීය සහ සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *