|

18 ට වැඩිනම් බදු අංකයක් ගන්නේ කොහොමද

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී බදු අංකයක් (TIN) ලබාගැනීම මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ (ඔන්ලයින්) මෙන්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට
පැමිණීමෙන් ද සිදු කළ හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

2024 ජනවාරි මස 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි එදිනට හෝ එදිනට පසු වයස අවුරුදු 18 සම්පූර්ණ වන පුද්ගලයින් වයස අවුරුදු 18 සම්පූර්ණ වූ පසු,
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී. බදු ගෙවන්නා හදුනා ගැනීමේ අංකයක් ලබා ගැනීම අනිවාර්යය වේ.

නවද නක්සේරු වර්ෂයක් (එක් වර්ෂයක අප්‍රේල් මස 01 වන දින සිට ඊළඟ වර්ෂයේ මාර්තු මස 31 වන දින දක්වා)

සඳහා යම් තැනැත්තෙකු රු 1,200,000/- ට
වැඩි ආදායමක් ලබන්නේ නම්, ආදායම් බද්ද සඳහා ද ලියාපදිංචි විය යුතුවේ.

ඉහත පරිදි ලියාපදිංචි නොවන නැනැන්නන් දේශීය ආදායම් දෙපාර්‌නමෙන්තුව විසින් ලියාපදිංචි කරවීමට කටයුතු කරනු ලබන අතර, රු. 50,000 නොඉක්මවන
දණ්ඩනයකට ද යටත් විය යුතුව ඇත.

ඉහන ලියාපදිංචියට අදාළ අනිවිශේෂ ගැසට්‌ පත්‍රය පහත දිගුවට යොමු වීමෙන් බාගත කරගත හැකිය.

http://www.ind.gov/publications/sitepages/gazette.aspx/menuid=1602

* ලියාපදිංචිය සඳහා අයදුම් කරන ආකාරය


  1. මාර්ගගත ලියාපදිංචිය www.ird.gov.lk දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිස පහත පරිදි කටයුතු කරන්න.

තවද ඒ සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ සඳහා පහන සබැඳියට යොමු වන්න.

http://www.ind.ax.//Services/sitepages/Registration.aspx?menuid=180101

  • ඊ – සේවාවන් වෙත පිවිස, ඉන් පසු ඊ-සේවාවන් වෙත පිවිසීම වෙන පිවිස බදු ගෙවන්නා ලියාපදිංචිය තෝරන්න.

අදාළ කාණ්ඩය තෝරා සපයා ඇති අයදුම්පන සම්පූර්ණ කර ඉදිරිපත් කරන්න.

අයදුම්පත ඉදිරිපත් කිරීමෙන් පසු ඔබගේ ඉල්ලීම සමාලෝචනය කරනු ඇත.

  • පසුව, බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN) සදහන් සහතිකයක් සහ එක් වරක් පමණක් භාවිතා කළ හැකි මුරපදයක් (PIN) ලබා දී ඇති ඊමේල් ලිපිනය වෙන ලැබනු ඇත.
  • ඒ අනුව කටයුතු කිරීමෙන් ඔබ සඳහා වන මාර්ග ගත පහසුකම් සහිත වෙබ් ගිණුම නිර්මාහය කරගත හැකිය.
  1. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත පැමිණ හෝ නැපැල් මගින් ලියාපදිංචි සඳහා අයදුම් කිරීම.

ලියාපදිංචි කිරීමේ අයදුම්පතක් සම්පුර්ණ කර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ, 2 වන මහලේ
ප්‍රාථමික ලියාපදිංචි අංශයට හෝ ආසන්න ඕනෑම ප්‍රාදේශීය/ නගර කාර්යාලයකට ඉදිරිපත් කරන්න.

  • ලියාපදිංචි අයදුම්පත පහත සබැඳිය මගින් බාගත කර ගත හැකිය.

http://www.ird.gov.lk/s/Downloads/SitePages/Forms.aspx?menuid-1603

අවශ්‍ය ලේඛන

සේවාව හරහා ලියාපදිංචි වීමේදී ජාතික හැඳුනුම්පතෙහි (දෙපැත්තම පරිලෝකණය කළ(scan) PDF පිටපතක් උඩුගත කළ යුතුය.

ජාතික හැදුනුම්පතෙහි
සඳහන් ලිපිනයෙහි වෙහසක් ඇත්නම් එය සනාථ කිරීම සඳහා පිළිගත හැකි ලේඛනයක පිටපතක් ද උඩුගත කිරීමට කටයුතු කරන්න.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *