මඩකළපුව – පොළොන්නරුව මාර්යේ ගමනා ගමනයට භාධා

මහවැලි ගගේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් මඩකළපුව – පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු යළි නවතා දමා තිබෙනවා.

ඊයේ (01) පස්වරුවේ ජල මට්ටම පහළ යාම හේතුවෙන් එම මාර්ගයේ ගල්වැල්ල ප්‍රදේශයෙන් ලොරි රථ සහ බස්රථවලට ගමන් කිරීමටයි අවස්ථාව ලබා දී තිබුණේ.
කෙසේවෙතත් අද (02) උදෑසන මහවැලි ගගේ ජල මට්ටම ඉහළ යාමෙන් යළි ගමනාගමන කටයුතු අත්හිටවනු ලැබුවා.

ඒ අනුව මනම්පිටිය දක්වා මගී ප්‍රවාහනය කිරීම සඳහා දුම්රිය ගමන්වාර කිහිපයක් අමතරව යොදවා ඇති බව සඳහන්.

මහවැලි ගගේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් සුංගාවිල, තබාල සහ පුදුර් යන ගම්මානවල කුඹුරු අක්කර 4000 කට වැඩි ප්‍රමාණයක් ජලයෙන් යට වී තිබෙනවා.

එමෙන්ම අධික වැසි තත්ත්වයත් සමග ඇති වූ ගංවතුරෙන් කිළිනොච්චිය දිස්ත්‍රික්කයේ පසුගිය මාසයේ වගාකරන ලද කුඹුරු අක්කර 13,897 විනාශ වීමෙන් ගොවීන් 4,461ක් දෙනෙකු
පීඩාවට පත්වුණා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *