උසස් පෙළ කාලසටහනේ වෙනස්වීමක්

මෙවර උසස් පෙළ කාලසටහනේ සුළු වෙනස් කිරීමක් සිදුව ඇති බැවින් ඒ පිළිබඳ අයදුම්කරුවන් අවධාන යොමු කරන ලෙස විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ඉල්ලීමක් කරයි.

මෙවර කාලසටහන සදහා නව විෂයක් ලෙස කොරියානු භෂා විෂය එක් වී තිබෙන බැවින් කාලසටහනේ වෙනස් වීමක් සිදුකිරීමට සිදු වු බව විභාග කොමසාරිස් ජනරාල් විසින් පැවසීය.

එබැවින් පෙර පැවති කාලසටහන භාවිතා නොකරන ලෙසත් අන්තර් ජාලයේ ඇති වියාජ විභාග කාලසටහන් වලට නොරුවවෙන ලෙස සහ විභාග ප්‍රවේශ පත්‍රයේම නිවැරදි කාල සටහනේ
දක්වා ඇති බැවින් එය අනුගමනය කරන ලෙස වැඩිදුරටත් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.

මේ අතර, ආපදා අවදානම සහිත ප්‍රදේශවල පිහිටි උසස් පෙළ විභාග මධ්‍යස්ථාන වෙනුවට විකල්ප පාසැල් සූදානම් කිරීම සඳහා වැඩපිළිවලක් ක්‍රියාත්මක වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ, අනුරාධපුර, කැකිරාව, පොළොන්නරුව, පස්සර, අම්පාර, මඩකලපුව සහ හසලක යන ප්‍රදේශ පිළිබදව දැඩි අවදානය යොමුකර ඇති බවය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *