ලාෆ්ස් ගෑස් මිලත් වෙනස් නොවේ

දෙසැම්බර් මාසයට අදාළව ලාෆ්ස් ගෑස් මිල ද සංශෝධනය නොවන බව එම සමාගම පවසයි.

ඉදිරි උත්සව සමය සැලකිල්ලට ගනිමින් ගෑස් මිල වැඩි නොකිරීමට ලිට්‍රෝ සමාගම ද තීරණය කර තිබුණි. 

ඒ අනුව මෙම මාසයේදී ගෑස් මිල සංශෝධනයක් සිදුනොවන බව එම සමාගමේ ප්‍රකාශකයෙකු පැවසීය.

පසුගිය ඔක්තෝම්බර් මාසයේ සිදුකළ මිල සංශෝධනයේ දී කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150කින් ඉහළ ගියේය.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල දැක්වෙන්නේ රුපියල් 3,985ක් ලෙසය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *