විදුලි සේවකයින් හෙට සිට තෙදිනක් විරෝධතාවයේ

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතට එරෙහිව හෙට (03) සිට තෙදිනක විරෝධතා ක්‍රියාමාර්ගයක් සැලසුම් කර ඇති බව ලංකා විදුලි සේවක සංගමය පවසයි.

එහි ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා ප්‍රකාශ කළේ, අදාළ පනත් කෙටුම්පත වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙස විදුලිබල අමාත්‍යවරයාට දැනුම් දෙන බවය.

එමෙන්ම ප්‍රධාන ලේකම් වරයා විසින් පැවසුවේ ඔවුන් අමාත්‍යවරයාට විවෘත අභියෝගයක් ලෙස මෙම කරුණ පාර්ලිමේන්තුයට ගෙන ඒමට කියා සිටින බවත්ය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *