18 ට වැඩිනම් බදු අංකයක් ගන්නේ කොහොමද
|

18 ට වැඩිනම් බදු අංකයක් ගන්නේ කොහොමද

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී බදු අංකයක් (TIN) ලබාගැනීම මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ (ඔන්ලයින්) මෙන්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවටපැමිණීමෙන් ද සිදු කළ හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. 2024 ජනවාරි මස 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි එදිනට හෝ එදිනට පසු වයස අවුරුදු 18 සම්පූර්ණ වන පුද්ගලයින් වයස අවුරුදු 18 සම්පූර්ණ වූ පසු,දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි…

තවත් කොරෝනා මරණයක්
|

තවත් කොරෝනා මරණයක්

වවුනියාව මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා වෛරසය ආසාධිත 55 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ පදවිය ප්‍රදේශයේ පදිංචි අයෙකු වන අතර දින ගණනාවක් උණ රෝගය පැවතීම හේතුවෙන් රෝහල් ගත කොට රෝගියාට කොරෝනා රෝගය වැළදී ඇති බවට තහවුරු වීමෙන් පසුව ඔහුට කොරෝනා විශේෂිත වාට්ටුවට ඇතුළත් කර එහි ප්‍රතිකාර ලබමින් සිටින අතරවාරයේ මෙසේ මියගොස්…

නැවත දැනුම් දෙන තුරු ලං. වී. ම. සේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ

නැවත දැනුම් දෙන තුරු ලං. වී. ම. සේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ

නැවත දැනුම්දෙන තුරු විදුලිබල මණ්ඩලයේ සියලු සේවකයින්ගේ නිවාඩු අවලංගු කර තිබෙනවා. විදුලි බල මණ්ඩලයේ විදුලිය සැපයීම සම්බන්ධ සියලු සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවක් බවට සැලකිල්ලට ගෙන බවට පත් කල බව වැඩබලන සාමාන්‍යාධීකාරී ආචාර්ය නරේන්ද්‍ර ද සිල්වා මහතා පවසන ලදී. සේවකයින්ට නිවාඩු ලබාගත හැකි වන්නේ ඉහළ නිලධාරීන්ගේ අනුමැතිය මත පමණක් බවද සාමාන්‍යාධීකාරීවරයා විසින් පවසා සිටියා.

උසස් පෙළ කාලසටහනේ වෙනස්වීමක්

උසස් පෙළ කාලසටහනේ වෙනස්වීමක්

මෙවර උසස් පෙළ කාලසටහනේ සුළු වෙනස් කිරීමක් සිදුව ඇති බැවින් ඒ පිළිබඳ අයදුම්කරුවන් අවධාන යොමු කරන ලෙස විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ඉල්ලීමක් කරයි. මෙවර කාලසටහන සදහා නව විෂයක් ලෙස කොරියානු භෂා විෂය එක් වී තිබෙන බැවින් කාලසටහනේ වෙනස් වීමක් සිදුකිරීමට සිදු වු බව විභාග කොමසාරිස් ජනරාල් විසින් පැවසීය. එබැවින් පෙර පැවති කාලසටහන භාවිතා…

විදුලි සේවකයින් හෙට සිට තෙදිනක් විරෝධතාවයේ

විදුලි සේවකයින් හෙට සිට තෙදිනක් විරෝධතාවයේ

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතට එරෙහිව හෙට (03) සිට තෙදිනක විරෝධතා ක්‍රියාමාර්ගයක් සැලසුම් කර ඇති බව ලංකා විදුලි සේවක සංගමය පවසයි. එහි ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා ප්‍රකාශ කළේ, අදාළ පනත් කෙටුම්පත වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙස විදුලිබල අමාත්‍යවරයාට දැනුම් දෙන බවය. එමෙන්ම ප්‍රධාන ලේකම් වරයා විසින් පැවසුවේ ඔවුන් අමාත්‍යවරයාට…

මි.මී. 75ට වැඩි තද වැසි

මි.මී. 75ට වැඩි තද වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇතිවේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවය. ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප.ව. 2න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම්…

යුක්‍රේන යුද පිටියට ගිය කපිතාන් රනිෂ් ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට

යුක්‍රේන යුද පිටියට ගිය කපිතාන් රනිෂ් ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට

යුක්‍රේන සටන් පෙරමුණේ භට කණ්ඩායම්වලට නායකත්වය ලබාදුන් යුක්‍රේන සන්නද්ධ හමුදා පළමුවන විශේෂ බළකායේ අණදෙන නිලධාරී ලෙස කටයුතු කළ ශ්‍රී ලාංකිකයෙකු වන කපිතාන් රනිෂ් හේවගේ මහතා ඇතුළු ශ්‍රී ලංකා හමුදාවේ හිටපු සාමාජිකයන් තිදෙනෙකු රුසියානු හමුදා ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබේ. රුසියානු රජයේ හමුදාවන් විසින් “කළු හතුරා” ලෙස හඳුන්වන රුසියානුවන්ගේ ද ඉලක්කයක් ලෙස කපිතාන් රනිෂ් හේවගේ මහතා නම්කර…

ලබන වසර ජනතාවට වඩාත් යහපත් බව රජය කියයි

ලබන වසර ජනතාවට වඩාත් යහපත් බව රජය කියයි

සමාජයේ විවිධ මත පළවුවද මෙම වසර අභියෝගාත්මකව ඉදිරියට පැමිණි බවත්, ලබන වසර මෙම වසරට වඩා යහපත් වසරක් වනු ඇති බවත්, මුදල්  රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. කිතුල්ගල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

ලාෆ්ස් ගෑස් මිලත් වෙනස් නොවේ

ලාෆ්ස් ගෑස් මිලත් වෙනස් නොවේ

දෙසැම්බර් මාසයට අදාළව ලාෆ්ස් ගෑස් මිල ද සංශෝධනය නොවන බව එම සමාගම පවසයි. ඉදිරි උත්සව සමය සැලකිල්ලට ගනිමින් ගෑස් මිල වැඩි නොකිරීමට ලිට්‍රෝ සමාගම ද තීරණය කර තිබුණි.  ඒ අනුව මෙම මාසයේදී ගෑස් මිල සංශෝධනයක් සිදුනොවන බව එම සමාගමේ ප්‍රකාශකයෙකු පැවසීය. පසුගිය ඔක්තෝම්බර් මාසයේ සිදුකළ මිල සංශෝධනයේ දී කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150කින්…

දුම්රිය මාර්ගයේ ගමන් කළ විදේශිකයෙක් දුම්රියේ ගැටී මරුට

දුම්රිය මාර්ගයේ ගමන් කළ විදේශිකයෙක් දුම්රියේ ගැටී මරුට

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වැල්ලවත්ත ප්‍රදේශයේදී දුම්රියේ ගැටී විදේශිකයෙකු මියගොස් තිබේ. සිය බිරිඳ සමග මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටියදී දෙහිවල සිට කොළඹ බලා ධාවනය වු දුම්රියක ගැටීමෙන් අනතුර සිදුවී ඇති බව පොලීසිය පැවසීය. අනතුරින් තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එම පුද්ගලයා මියගොස් ඇත. මියගොස් ඇත්තේ 57 හැවිරිදි ඉන්දියානු ජාතිකයෙක් බව පොලීසිය පවසයි. සිද්ධිය…