කෙබායා: සංස්කෘතීන් රැසක කතන්දරය කියන ආසියානු කාන්තා හැට්ටය

ඉන්දුනීසියාවේ උපන් මෝස්තර නිර්මාණ ශිල්පිනියක වන ස්ටේසි ස්ටූබ්, චිත්‍රාගාරයේ විදුලි එළියෙන් ඇගේ කැපුම් මේසය මත චොක්ලට්-දුඹුරු පැහැති ලේස් රෙදි කැබැල්ල පිරිමැද, එය ඇල්පෙනෙති මඟින් ප්‍රවේශමෙන් ඇඳුමට සවිකොට, එය ඉරී නොයනබවට වගබලා ගනිමින් හුණු කැබැල්ලකින් රෙදි කැබැල්ල මත පිටපත් කළා ය. සිය කාර්යය ඇඳුමක් නිර්මාණය කිරීම පමණක් නොව, කලක් කැරැල්ලේ සංකේතයක් වූ සහ ඉතිහාසයෙන් උරුම වූ ඇඳුමක් සෑදීම බව දන්නා හෙයින් එම කාර්යය ඇයට බැරෑරුම් ලෙස දැනිණි.

‘කෙබායා’ යනු ස්ටූබ්ගේ මිත්තණියගේ මව වැනි මැහුම්කාරියන් ඉන්දුනීසියාවේ දී නිර්මාණය කරන ලද ඇඳුමක් වන අතර, එම ඇඳුම බෲනායි, මැලේසියාව, සිංගප්පූරුව සහ තායිලන්තය වැනි රටවල ද දැකිය හැකිය. එක් එක් ප්‍රදේශයන්හි කෙබායා නිර්මාණය කරන්නේ ඔවුන්ට ආවේණික ආකාරයට ය. එමෙන් ම, එහි සෑම මැස්මක් ම ඔවුන්ට ආවේණික ඉතිහාසයේ කතාවක් කියාපායි. ඉහත කී රටවල් පහ කෙබායා ඇඳුමට ඇති ආදරය කෙතරම් ද යත්, 2023 වසරේ යුනෙස්කෝ අස්පර්ශ සංස්කෘතික උරුම ලැයිස්තුව සඳහා එම ඇඳුම යෝජනා කිරීමට එම රටවල් එක්ව තිබිණි.

“කෙබායා ඇඳුමට රටවල් සහ ජන වර්ග අතර ඇති බෙදීම් බලපාන්නේ නෑ,” එම ඇඳුම යුනෙස්කෝ අස්පර්ශ සංස්කෘතිය උරුම ලැයිස්තුවට යෝජනා කිරීම සඳහා මැදිහත් වූ මැලේසියාවේ Persatuan Peranakan Baba Nyonya Kuala Lumpur & Selangor නමැති සංවිධානයේ හිටපු සභාපති සෙඩ්‍රික් ටෑන් පැවසීය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *