ශ්‍රී ලංකා ගුවන් හමුදාව චීන රජෂයෙන් මිලදි ගනු ලැබු නව Y-12 වර්ගයේ ගුවන් යානා ද්විත්වය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රවාහන ගුවන් ශක්තිය ඉහල නැංවීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ උපදෙස් මත ගුවන් හමුදාධිපතිවරයා එයාර් උදේනි රාප්පක්ෂ මැතිතුමන්ගේ අධික්ෂණය යටතේ අංක 08 සැහැල්ලු ප්‍රවාහන ගුවන් යානා බලඝණයට චීනයේ රජයෙන් මිලදී ගනු ලැබු වයි 12 (Y- 12) වර්ගයේ සැහැල්ලු මගී ප්‍රවාහන ගුවන් යානා ද්විත්වය ඊයේ දින (5) රත්මලාන ගුවන් හමුදාව මූලස්ථානයේ දී ගුවන් හමුදාවට භාරදුන් බව ගුවන් හමුදා මාධ්‍ය අංශය පැවසීය.

මෙම ගුවන් යානාවන් මූලික වශයෙන් භාණ්ඩ හා මගින් ප්‍රවාහන කටයුතු සඳහා යොදගනු ලබන අතර මගීන් 17 දෙනෙකු සහ කිලෝ 360 ක භාණ්ඩ ද මෙහි ගෙනයා හැක.
මානුෂීය මෙහෙයුම් සමයේදී මෙම ගුවන් යානවන් මගින් සෙබලුන් ප්‍රවාහනය හා භාණ්ඩ ප්‍රවාහනය සිදුකරනු ලැබූ අතර වර්තමානය වනවිට ගුවන් ආවේක්ෂණ මෙහෙයුම්, සෝදිසි කිරීමේ සහ මුදවා ගැනීමේ මෙහෙයුම්, පැරෂුටි භටයන් පුහුණු කිරීමේ මෙහෙයුම් ඇතුළු යුධ අභ්‍යාස සඳහා ද ගුවන් ගිලන්රථ ලස යොදා ගනු ලබන බව ගුවන් හමුදාව විසින් පැවසීය.

දේශීය ප්‍රවාහන කටයුතු මෙන්ම හදිසි අවශ්‍යතාවයන් මත විදේශ රටවල් වෙත පියාසර කිරීමේ හැකියාව ද මෙම ගුවන් යානාවට ඇත.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් ශක්තිය ඉහල නැංවීම සඳහා වත්මන් ගුවන් හමුදාධිපති තුමන් විසින් සිදු කරගෙන යනු ලබන සැලසුම්ගත ක්‍රියාදාමයේ එක් අදියරක් ලෙස මෙම නව ගුවන් යානා ද්විත්වය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක්කොටගෙන ඇත.

නව වයි 12 (Y -12) වර්ගයේ මගී ප්‍රවාහන ගුවන් යානා ද්විත්වය චීනයේ සිට අද දින දිවසිනට පැමිණි අතර එම ගුවන් යානා පිළිගැනීමේ අවස්ථාව සදහා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ වන තානාපති ඇතුළු ගුවන් හමුදා නිළධාරීන් හා සෙසු ගිළයන් ඇතුළු පිරිසක් සහභාගි වූ බව ගෲප් කැප්ටන් මාධ්‍ය අධ්‍යක්ෂක දුෂාන් විජේසිංහ මහතා පැවසූහ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *