COP28: සමුළුවට ලංකාවෙන් යන පිරිස කොපමණදැයි ඔබ දන්නවාද?

COP සමුළුවයනු එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ සමුළුවයි. මේ සඳහා රටවල් 200ක් පමණ සහභාගී වන අතර, එය 1995 වර්ෂයේ සිට වසරක් පාසා පැවැත්වෙන සමුළුවකි.

එහි පළමු සමුළුව ජර්මනියේ බර්ලින් නුවරදී පැවති අතර මෙවර COP28 සමුළුව පැවැත්වෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහිදීයි. මෙවර එහි තේමාව “පිරිසිදු බලශක්තියට පරිවර්තනය වීම”යි.

COP කාට ද?

මෙම සමුළුව සඳහා සාමාන්‍යයෙන් රාජ්‍ය නායකයන් හා විෂය භාර අමාත්‍යවරුන් මෙන් ම රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ වේ. රාජ්‍ය දූත පිරිස්වලට අමතරව, පුද්ගලික අංශයේ නියෝජිතයන්, ව්‍යාපාරික ලෝකයේ නියෝජිතයන් හා පරිසර හා දේශගුණික ක්‍රියාකාරිකයන් හා සංවිධාන ද එක් වෙයි.

ඒ අනුව හෙට (නොවැම්බර් 30 වැනිදා) ආරම්භ වන COP28 සමුළුව දෙසැම්බර් 12 දා දක්වා පැවැත්වේ.

එහි රාජ්‍ය නායකයන් සහභාගීවන වැඩසටහන් දෙසැම්බර් 01 වැනිදා සහ 02 වැනිදා පැවත්වෙයි. මීට අමතරව මෙම කාලය තුළ විවිධ සාකච්ඡා මණ්ඩප ගණනාවක් සැලසුම් කර තිබෙන අතර එම විෂය ක්ෂේත්‍රවලට අදාළ වන නියෝජිතයන් ඒ සඳහා සම්බන්ධ වනු ඇත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *