මහරගම ලැගුම්හලකින් පුල්ගය මළ සිරුරක් සොයාගනී

මහරගම දුම්රියපොළ පාරේ, ලැගුම්හලක කාමරයක තිබී තරුණයෙකුගේ සිරුරක් අද (03) උදෑසන සොයාගත් බව මහරගම පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ 34 හැවිරිදි පුද්ගලයෙකු බවත් යම් විෂ වර්ගයක් ආහාරයට ගෙන මෙම පුද්ගලයා මිය යන්නට ඇතුයි සැකකරන බව පොලීසිය සඳහන් කරයි.

මෙම මරනකරු ඊයේ (02) දින දහවල් 01 ට පමණ මෙම ලැගුම්හලට පැමිණ ඇති අතර සවස 6ට පමණ එම ස්ථානයෙන් පිටව යන බවට ලැගුම්හලට දැනුම්දී ඇති බව ලැගුම්හල් කළමනාකාරිත්වය සදහන් කලේය.

නිමිත වේලාව පසු වුවද මෙම පුද්ලයා පිටව නොයෑම හේතුවෙන් එහි සේවකයෙකු ඔහු රැදී සිටි කාමරය පරීක්ෂා කිරීමේදී එම පුද්ගලයා ඇඳ මත වැටී සිටිනු දැක පොලීසියට ඒ බව දැනුම්දී තිබේ.

වැඩිදුර විමර්ශන වලදී මෙම පුද්ගලයා මීට පෙර විෂ වර්ගයක් ආහාරයට ගෙන හෝමාගම ප්‍රදේශයේ මියගිය පුද්ගලයෙකුගේ අවමංගල්‍ය කටයුතු සඳහා පැමිණ සිටි අයෙකු බවත් ඔහුගේ අනුගාමිකයෙකු ලෙස ඔහු විසින් පැවැත්වූ දේශනා සඳහා සහභාගී වී ඇතිතොරතුරු අනාවරණය වී තිබේ.

මියගිය ස්ථානයේ තිබී විෂ වර්ගය අඩංගු බෑගයක්, වතුර බෝතලයක් හා ජංගම දුරකථන දෙකක් පොලීසිය විසින් සොයාගත් බවත් මේ සම්බන්ධයෙන් මහරගම පොලීසිය පරීක්ෂණ පවත්වයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *